Victor Rathnayake – Kohe Sita Oba

කොහේ සිට ඔබ පැමිණියේදෝ
සිහිනයේ රැඳුණු ඒ අප්සරා
මගේ ඉරබටු තාරකා
ඔබට ගැයෙනා නැවුම් කුළුඳුල් ප්‍රේම ගීයයි මේ


දෙනෝදාහක් අවට සිටිය ද
තනිවෙලා වේදනා වින්දෙමි මම්
නුවන් දාහක් අවට දුටුව ද
දෙනෙත නළවන නෙතක් නොදුටිම් මම්


පාළු ගනඳුරු රුදුරු රෑ මැද
නෙත වසා ආදරේ පැතුවෙමි මම්
මගේ සුසුමන් දැනෙන තරමට
ඔබට ළංවී කෙදින හිඳිමි ද මම්


ගායනය: වික්ටර් රත්නායක
පද රචනය: කේ.ඩී.කේ ධර්මවර්ධන
සංගීතය: වික්‌ටර් රත්නායක


Click to rate this post!
[Total: 0 Average: 0]
Spread the Love; ආදරය බෙදා ගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fifteen + 11 =