Gunadasa Kapuge – Pata Elaluwan Puthunu

පාට එළලුවන් පුතණුව මා දෙනුවන් වන්
කොතැනද සිරස නමන්නේ
ගුණැති පුතණුවන් පෙම්බර පාට එළලුවන්
කොතැනද දෙදණ නමන්නේ
කාටද දෝත නගන්නේ


නීල කඳු ළැමද අතරේ නිම්න භූමියේ
මීරි මවු කිරෙන් ඉහිරෙන වතුර උල්පතයි
පුතකු සිරස නමන්නේ එතැනයි
දෙතොල තෙමන්නයි


වියළි බිමේ නිදිකුම්බා කටු යහනාවේ
මහ පො‍ළෝ ගැබේ ප්‍රේමය පිපී හිනාවෙයි
පුතකු දෙදණ නමන්නේ එතැනයි
එමල සිඹින්නයි


පා පැකිළ වැටී බෙලෙසුන් වී අගාධයේ
මිනිසත්කම දනින් හොවින දුක්බර යාමේ
පුතකු දෝත නගන්නේ එතැනයි
අත්වැල වෙන්නයි


ගායනය: ගුණදාස කපුගේ සමග ජයතිලක බණ්ඩාර
පද රචනය: රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය: ගුණදාස කපුගේ


Click to rate this post!
[Total: 0 Average: 0]
Spread the Love; ආදරය බෙදා ගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × one =