පිපෙනා මලකට ගලනා දොළකට
දැනෙනා බුදු ගුණ නොදැනෙන මිනිසුනි
කොයි ලොව යන්නේ මරණින් පස්සේ
පිං පවු එනවා අපි පසුපස්සේ
රළු ගල් කුලකට බොල් මැටි පිඩකට
දැනෙනා බුදුගුණ නොදැනෙන මිනිසුනි
කොයි ලොව යන්නේ මරණින් පස්සේ
පිං පවු එනවා අපි පසු පස්සේ
ඉර හඳ දෙපොළට මේ මහ පොළොවට
දැනෙනා බුදු ගුණ නොදැනෙන මිනිසුනි
කොයි ලොව යන්නේ මරණින් පස්සේ
පිං පවු එනවා අපි පසුපස්සේ
ගායනය: මාලනී බුලත්සිංහල
පද රචනය: රඹුකන සිද්ධාර්ථ හිමි
සංගීතය: ප්‍රේමසිරි කේමදාස


Click to rate this post!
[Total: 0 Average: 0]
Leave a Reply