Sunil Edirisinghe – Minisa Suwandai

මිනිසා සුවඳයි මල සේ
නුවණින් එළියයි හිරු සේ
පර වී වැටිලා
ඒ හිරු මල මේ දෙරණේ


පොළොවේ උරුමේ කියමින්
බිලි දී විහිගුම් ගුණදම්
දහසින් මියෙනා සටනින්
අඟලේ හිමිකම් සොයමින්
ලොව නහවා සෝ කඳුළින්
හිනැහේ ජයපැන් පුරමින්


උණු ලේ විෂ වී සිරුරේ
ඉසුරන් ගැටෙනා අතරේ
ගිනිමල් පිපිලා අහසේ
ඇවිලේ ගිනිදැල් සයුරේ
සා පවසින් ඉකිබිඳිනා
සුසුමෙන් යදියන් හෙළනා


ගායනය: සුනිල් එදිරිසිංහ
පද රචනය: කුමාරදාස සපුතන්ත්‍රී
සංගීතය: රෝහණ වීරසිංහ



Click to rate this post!
[Total: 0 Average: 0]
Spread the Love; ආදරය බෙදා ගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seven + 20 =