Gunadasa Kapuge – Ramya Nagaraya

රම්‍ය නගරය යන්න ඕනෑ
රම්‍ය නගරය ඉන්න ඕනෑ
කිය කියා එනවා
ඉඩම් විකුනා ගෙවල් අරගෙන
කොලඹ අපි එනවා


ගමේ කුඹුරේ වී හාල් ටික
පලා මැල්ලුම් පොලොස් ගැට ටික
කොලඹදී අපි මුදල් දී ගෙන
රටට ණය වෙනවා
කොලඹ අපි එනවා


දරන්නට බැරි බර කරින් ගෙන
කියන්නට බැරි දුක් සිතින් ගෙන
වතුර ටිකටත් මුදල් ගෙව ගෙව
රටට ණය වෙනවා
කොලඹ අපි එනවා


ගායනය: ගුණදාස කපුගේ
පද රචනය: පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
සංගීතය: ගුණදාස කපුගේ


Click to rate this post!
[Total: 0 Average: 0]
Spread the Love; ආදරය බෙදා ගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × five =