අන්දර යායේ වැව් තාවල්ලේ
සක්මන් කරනා අප්පච්චී
දොළේ දියයි මට කෙතේ නිලයි
ගහ වැලේ මලයි මට අප්පච්චී
වලාකුළේ දා බිඳු තවරා
මහ පොළොවට මහ වැසි ගෙනෙනා
දිවි ගමනේ ඉම කඳු මුදුනේ ඉඳ
පුතු සෙනෙහේ කඳුළැලි සලනා
තුරු හිස මුදුනේ මල් පලඳා
කැකුළු මුවට පලවැල නෙළුවා
ඒ දඬු මං බැඳ සත්කුළු පව් බිඳ
සිදාදියට එන මං තැනුවා
ගායනය: කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය: කුමාර ලියනගේ
සංගීතය: රෝහණ ධර්මකීර්ති


Click to rate this post!
[Total: 0 Average: 0]
Leave a Reply