මහ වරුසාවට පසුව නැඟෙන සඳ
වෙනදාටත් වැඩියෙන් එළියයි
නෝක්කාඩුවට පසුව ඔබේ වත
ඒ එළියට වැඩියෙන් එළියයි
ඇලදොල පාමුල ගොළුවුන ගීයකි
අප හදවත් බැඳි සොඳුරු සෙණේ
අද නොදකින ඔබ හෙට දකිනා තුරු
මඟ බලමින් මා සිත ලතැවේ
ඔබ මට හමුවුන මල්බර මාවත
වෙනදාටත් වැඩියෙන් සුවඳයි
විටකදි නැගුනත් සැක බිය ශෝකය
පිවිතුරු සෙනෙහස හද උතුරයි
ගායනය: සෝමතිලක ජයමහ
පද රචනය: සුනිල් සරත් පෙරේරා
සංගීතය: රෝහණ වීරසිංහ


Click to rate this post!
[Total: 1 Average: 5]
Leave a Reply