Gunadasa Kapuge – Ayyandiye

අයියණ්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ
ගිණි ඇවිලුනා කැණිමඬලට අපෙ නිවසේ
එක පත අනා එකටම කෑ පෙර දවසේ
මං අමතකද නුඹ රජ වූ අද දවසේ


අම්මා එක්ක දබරව පැන ගිය වැත්තේ
ළැම දා ගියා බත හිරවුණි කුස ගින්නේ
දෑසේ කඳුළු වැහි පොද ලෙස වෑහෙන්නේ
වී පෑලකට ඇයි උඹ විරසක වෙන්නේ


ඉරට සැපක්දෝ නියඟය දළුලෑම
සඳට සැපක්‍දෝ ඝනඳුර පීදීම
නුඹට සැපක්දෝ අපි තනිකර යෑම
මහපොළවකට නඩු හබ ඇයි ගතු කීම


ගායනය: ගුණදාස කපුගේ
පද රචනය: නාගොල්ලාගම නිමල් ආනන්ද
සංගීතය: ගුණදාස කපුගේ



Click to rate this post!
[Total: 1 Average: 5]
Spread the Love; ආදරය බෙදා ගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

13 + two =