Karunarathna Diulgane – Sepalika

පායා නැගී ඒවි රන් තාරකා
මා හා සිනා වෙන්නෙ නෑ ආදරෙන්
දේදුන්න සේ ඈ මැකී වෙන්වෙලා
නාඬා ඉතින් ඉන්න සේපාලිකා


දෙනුවන් වැසී ඈත තරු නෙත් මැකී
තනිව හඬනා රැයේ හදට දී වේදනා
එක්වී ලඟින් ඉන්න ලංවී සිනාසෙන්න
දුර ඈත සිට එන්න සේපාලිකා


රෑ මීදුමේ දිලුනු තරුමල් ලෙසේ
ඔබෙ නෙත් පහන් දැල්වුනේ හදට දී වේදනා
කඳුල පිසලන්න සතුට තවරන්න
සුවඳක් ලෙසින් එන්න සේපාලිකා


ගායනය: කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය: උබේනන්ද දිසානායක
සංගීතය: සිරිල් පෙරේරා


Click to rate this post!
[Total: 0 Average: 0]
Spread the Love; ආදරය බෙදා ගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

thirteen + nine =