නිහඬ කල්පනා ලොවක තනිවෙලා ඔබ හඬයි
කරන චෝදනා මොනවදෝ කියා නොම හැඟෙයි
නැගෙන වේදනා තුරුණු මා සිතේ අපමණයි
අචල ආදරේ බැඳුණ ඔබ කෙරේ එලෙසමයි
ඉවත පාවෙලා යන්න සිතුනි දෝ මා කෙරෙන්
වෙන අයෙක් කෙරේ බැඳුනෙදෝ ඔයා ආදරෙන්
සිහිනයක් ලෙසින් බොඳ වෙලා නොයන් මා සිතෙන්
හිනැහිලා බලා සනසවන්න මා ඔය නෙතින්
අසරණයි මෙමා වැරදි නෑ කළේ කිසි දිනේ
ඔබ සිතේ සමා දෙනු මැනේ ළඳේ පා සෙනේ
හදවතේ බිඳී වේදනා සුසුම් පා වුණේ
නැතිව දෝ අපේ සිත් එදා ලෙසින් යා වුණේ
ගායනය: එඩ්වඩ් ජයකොඩි
පද රචනය: හේමසිරි හල්පිට
සංගීතය: සුනිල් ධර්මසේන


Click to rate this post!
[Total: 0 Average: 0]
Leave a Reply