සුසුමක උණුසුම නොම විඳි හදකට
සුසුමක් වුණේ ඔබයි
කඳුළක සිසිලස නොහැඟුණ නෙතකට
කඳුළක් වුණේ ඔබයි
මිහි මත සැඟවුණ විසිතුරු ලොවකට
පියවර ලකුණ ඔබයි
විසිතුරු මිහි මත සැඟවුණු විදු ලොව
හෙළි කළ දෙනෙත ඔබයි
හදවත පිරිමැද සිතිවිලි පොබ කළ
පැතුමක අරුණ ඔබයි
වදනට නොනැඟෙන සිත තුළ ගොළුවුණ
නොපිපෙන පැතුම ඔබයි
ගායනය: එඩ්වඩ් ජයකොඩි සහ මාලිනී බුලත්සිංහල
පද රචනය: කුලරත්න ආරියවංශ
සංගීතය: රෝහණ වීරසිංහ


Click to rate this post!
[Total: 0 Average: 0]
Leave a Reply