W.D. Amaradeva – Daru Duka Uhula (Pooja Wewa)

දරුවන් තුරුල්ලේ ඉන්නා ක‍ලේයා
දරු සැප තරම් අන් නිවනක් නැතේයා
දරු ගින්දර වැද හදවත දැවේයා
දරු දුක තරම් ගින්නක් ලොව නැතේයා


දරු දුක උහුලා තනිව වැළපෙනා
බුදු බව ලබනා පියවරු වෙසෙනා
පූජා…. පූජාවේවා!


මහමෙර වැනි බර සිතින් උහුලනා
කදුළැලි සමුදුර නෙතින් සගවනා
දරු දුක උහුලා තනිව වැළපෙනා
බුදු බව ලබනා පියවරු වෙසෙනා
පූජා…. පූජාවේවා!


මව් ඇති දාටත් සෙනෙහස පුදනා
මව් නැති දාටත් තුරුලේ රකිනා
සසර ගෙවෙන තුරු දරුවන් රකිනා
බුදු බව ලබනා පියවරු වෙසෙනා
පූජා…. පූජාවේවා!


ගායනය: ඩබ්.ඩී. අමරදේව
පද රචනය: ධර්මසිරි ගමගේ
සංගීතය: ප්‍රේමසිරි කේමදාස



Click to rate this post!
[Total: 1 Average: 4]
Spread the Love; ආදරය බෙදා ගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

19 + thirteen =