හෙමින් සැරේ පියා විදා
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්
පලා ඇවිත් සිතුම් සියොතුන්
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්
මලක් නම් එය මලක් වුව මැන
සිනිඳු සුකොමළ රුවෙන් සරසන
විලක් නම් එය විලක් වුව මැන
නිල ඉඳුවර දියෙන් උපදින
නැවුම් වත්සුණු රොනින් මත්වී
සිහින නිම්නය සුපුෂ්පිත වෙයි
සිහින් හඬකින් මහද අමතයි
මුදා හැරදා පවුරු සිරි යහනේ
ගායනය: ටී.එම්.ජයරත්න සහ සුනිලා අබේසේකර
පද රචනය: ධර්මසේන පතිරාජ
සංගීතය: ප්‍රේමසිරි කේමදාස


Click to rate this post!
[Total: 1 Average: 5]
Leave a Reply