මේ ඉර හඳ යට හමුවී
ආදරයෙන්
කතා කරපු අය සෙනේ වඩපු අය
ළඟ පාතකවත් නෑ
අද නුඹ කොතැනද
අද මා කොතැනද
දන්නේ නෑ නුඹ මටත් හොරා
ජීවන මහමඟ සටන් වැදී ඇත
නාඳුනනා පෙම්වතුන් වෙලා
දැන හඳුනාගත් කාලේ ඉඳලා
ළබැඳි දයාවෙන් සිටිය නිසා
අප වෙනුවෙන් අප නමින් හෙලන්නට
හෙටටත් කඳුළක් ඉතිරි වෙලා
ගායනය: එඩ්වඩ් ජයකොඩි
පද රචනය: පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
සංගීතය: එම්. ආර්. චූලසිංහ


Click to rate this post!
[Total: 0 Average: 0]
Leave a Reply