Amarasiri Peris n Amal Perera – Viraga Ragaya

විරාග රාගය අතරේ තනි වූ ආලය
විරාම දෙයි එක් හදකට පුදා පරාජය
විරාග රාගය අතරේ තනි වූ ආලය
දුරලයි තනිකම ලබමින් මගේ සරාගය


ඔබ අඩවන් නෙතු කරමින් ඈ නතු
ඇගේ පහන් ලොව ඈ මනසින් විදහල දා
ඈ මුකුලිත වූවා
කරගනු ඈ සතු නොරිසි ඔබේ සිතු
ඈතින් ඔබෙ මුනිවර මනසින් පෙම් කළ දා
ඈ අසරණ වූවා


නුරා එගිනි දළු ඈ දවමින් ගෙතු
සලෙල ගීතයට ඇය තනුවක් කරගත් දා
ඈ ලොව අහිමි වුනා
ඔබේ මිළින ගති ඇයට නොවේ රුති
පෙමින් තොරව ඇගේ දිවිය කතරක් වූදා
ඈ මවෙතට ආවා


ගායනය: අමරසිරි පිරිස් සහ අමල් පෙරේරා
පද රචනය: බන්දුල නානායක්කාරවසම්
සංගීතය: සුරේෂ් මාලියද්ද


Click to rate this post!
[Total: 0 Average: 0]
Spread the Love; ආදරය බෙදා ගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × 3 =