ගිමන් හරින දියඹ දිගේ
සුසුම් හෙලන වෙරළ ඉමේ
බැස යන හිරු අඩැසි සඳට රහස් කියනවා
සඳ ආදරයෙන් අහස පුරා රටා මවනවා
හිත් දැහැනේ වෙළී තිබුණු
නෙත් දැහැලේ ගලා හැලුණු
මියැදෙන්නට බලා ඉඳපු ආදරයද මේ.
හිරු රහසේ කියා දුන්නු ආදරයද මේ.
නිල් කටරොළු නිල නැහැවුන
මල් බර මුදු සුව රැඳවුනු
තොල් පෙති කන් පලදාලන ආදරයද මේ.
නුඹ රහසේ කියා දුන්නු ආදරයද මේ.
ගායනය: ඩබ්.ඩී. අමරදේව
පද රචනය: ජානක සිරිවර්ධන
සංගීතය: අරුණ ගුණවර්ධන


Click to rate this post!
[Total: 0 Average: 0]
Leave a Reply