ඔබ හා මෙමා අතිනත් අරන්
අපගේ ලොවේ තනිවූ එදා
ඔබ මා දෙපා දෑතින් බදා
සිප ගත් එදා සිහිවෙනවා
භවයෙන් භවේ මෙලෙසින් බැඳී
අප ආ ගමන් අමතක වුවත්
ඔබගෙයි මගෙයි හද මන්දිරෙන්
නැග ආ ස්‌වරේ එක්‌වූ දිනේ සිහිවෙනවා
ඔබ මා දෙනෙත්
මා ඔබේ දෙනෙත්
එක්‌වී වෙලී සෙනෙහස සෙවූ ඒ
සොඳුරු දා සිහිවෙනවා
ගායනය: ටී. එම්. ජයරත්න
පද රචනය: විමලා රංජනී පීරිස් (aka රිඡ්වේ තිලකරත්න)
සංගීතය: එච්. එම්. ජයවර්ධන


Click to rate this post!
[Total: 0 Average: 0]
Leave a Reply