Gunadasa Kapuge – Ruwak Adenawa

රුවක් ඇදෙනවා කවුදෝ එනවා
මීවිත ඇඳිරිය දෑස වසනවා
හද පොදි බැඳි දුක දියකර පාකර
ඔබේ ලොවට මා මොහොතින් එනවා


සොඳුරු යොවුන්විය මල් මග මුල හිද
කිම තොල මීවිත පොඟවන්නේ
නුරා විරහ ගිනි නිවා දමන්නයි
සුරා විතින් මා දෙතොල තෙමන්නේ


නැගුනු නුරා ගිනි මී පොද වැටිලා
හතරවටින් දළුලා එනවා
අවන්හලේ මීවිත තනි කරලා
වරෙන් මලේ පියවර නගලා


ගායනය: ගුණදාස කපුගේ සමඟින් කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය: මහින්ද දිසානායක
සංගීතය: ගුණදාස කපුගේ


Click to rate this post!
[Total: 0 Average: 0]
Spread the Love; ආදරය බෙදා ගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × one =