සීතල පිනි බින්දු බින්දු
රෑ තරු මත රැන්ඳු රැන්ඳු
ඇගේ නුවන් තෙමී කැලුම් පාවේ
ආදර සුව සිහින කැන්දු
මීවිත මුව රැන්දු රැන්දු
මගේ සිතුම් ඇගේ පැතුම් යාවේ
පීදෙන සඳ රේණු පාවි
මේ මාවත සුවඳ දේවි
සොඳුර ඔබේ මගේ සිතැඟි යාවේ
මේ රෑ නැගි රෑහි ගීත
තනිවී සවනේ රැඳේවි
ඔබ මා වෙත රැඳී ඉන්න
සිහිනලතාවේ
රෑ කල යහනේ රැඳේවි
මා හා තනියට හිඳීවි
නිබඳ මගේ සිතේ තනිය පාවේ
ඔබ මා ගැයු ප්‍රේම ගීත
ගොළුවී දෙහදේ රැඳේවි
යලි මාවෙත ලඟාවන්න
හංසලතාවේ
ගායනය: වික්ටර් රත්නායක
පද රචනය: කුමාරදාස සපුතන්ත්‍රී
සංගීතය: එච්.එම්. ජයවර්ධන


Click to rate this post!
[Total: 0 Average: 0]
Leave a Reply