Sunil Edirisinghe – Lapa Nethi Sandak

ලප නැති සඳක් ඇති නිලඹරක්
කිකලෙක නමුත්දුටුවෙද ඔබත්
සඳ රැසින් පිපි මලක් වනු මිස
නොපතන්න ඒ සා පුරහඳක්


ඇද නැති ගඟක් නිල් දියවරක්
ගැලුවාද දී නෙත රසඳුනක්
ගිලී දිය සනහා නිවෙනු මිස
නොසොයන්න ඒ සා ගඟ දියක්


මඩ නැති විලක් මත සියපතක්
පිපුණාද කවදා කොතැනකවත්
රැඳි සුවඳ මුව ලඟ විඳිනු මිස
නොසොයන්න ඒ සා සියපතක්


ගායනය: සුනිල් එදිරිසිංහ
පද රචනය: මහින්ද දිසානායක
සංගීතය: නවරත්න ගමගේ


Click to rate this post!
[Total: 0 Average: 0]
Spread the Love; ආදරය බෙදා ගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 + 15 =