T.M. Jayarathne – Sevene Kumbuk Sevene

සෙවනේ කුඹුක් සෙවනේ ගං තෙරේ හමන පවනේ
මියුරු ගී රැල් පා කෙරේ සියුම් තත් බිඳ හදවතේ
කුමරියක සිත සලිත වී ඇත
ඔහුට ඇය හමු වුනාවේ
නෙතට නෙත ළං වුණාවේ


අවදි වූ ගී රාවයෙන් කුමරි ගැන අනුරාගයෙන්
ඇගෙ සවන් යුග සනසලා අහස තරු මැද හිඳ බලා
ඔහුට ඇය හමුවුනාවේ
මගෙ පැතුම ඉටු වුනාවේ


පිපුනු උඩවැඩියා මලේ බඹර කිංකිණි ඇසෙයිදෝ
සිහින සිතිජය ඉසව්වේ කොහේ සැඟවී ගියාදෝ
ඔහුට ඇය හිමි වුනාවේ
මගෙ පැතුම ඉටු වුනාවේ


සාගරේ මුතු කොදෙව්වේ කින්නරිය තනි වුනාදෝ
ළහිරු දැක දිය විමානේ පාට සිතුවම් මැවෙයිදෝ


ගායනය: ටී. එම්. ජයරත්න ඇන්ජලින් ගුණතිලක
පද රචනය: ශ්‍රී නිහාල් ජයසිංහ
සංගීතය: ප්‍රේමසිරි කේමදාස



Click to rate this post!
[Total: 1 Average: 5]
Spread the Love; ආදරය බෙදා ගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × one =