ඇවිලුණු ගිනිදැල් නිවි නිවි යද්දී
ඈ මට හමුවූවා
සුපිපුණු වනමල් සුවඳ හමද්දී
ඈ මට හමුවූවා
රන් කෙඳි දහරින් පෙරි පෙරි ඉතිරී
හිරු අවරට ඇදුනා
පාලුව තනිකම රජයන විටදී
ඈ මට හමුවූවා
සුසිනිඳු සළුවක් සුළඟට ඇඹරී
රහසක් මට කීවා
සුදු මුදු වැල්ලේ සිටියදී තනිවී
ඈ මට හමුවූවා
ගායනය: සනත් නන්දසිරි
පද රචනය: විමලධර්ම ජයවීර
සංගීතය: සනත් නන්දසිරි


Click to rate this post!
[Total: 0 Average: 0]
Leave a Reply