පියුම් නීල විල උපන් වියේ අහංකාර ඔබෙ යොවුන් වියේ
නෙතු කැලුම් වැදී මගෙ හිත දුකින් රිදේ
සිඳංගනා මෘදු වදන් මලින් මට පවන් සලන් කුමරී
වසන්ත කතාව කියන්න කෝමල සිනා පොදින්
ඔබගේ වරලේ කුසුමේ සුදු රේණු පවා
සුවඳ දෙවා පාවේ රෑ සිහිනේ
මා හා රෑ පානේ
ඔබගේ දෙපයේ වෙලෙනා හඬ නුපුරයේ
රන්වන් පෙම් වරුනේ
ආදර ගී වරුනේ
ගායනය: ටී.එම්.ජයරත්න
පද රචනය: අජන්තා රණසිංහ
සංගීතය: ක්ලැරන්ස් විජේවර්ධන


Click to rate this post!
[Total: 0 Average: 0]
Leave a Reply