සඳ මල පිබිඳුන නිල් කඳු රැල්ලක
රන්තරු පොකුරක මල් ඇතිරිල්ලක
හසරැල් කැල්මක දුක් කඳුළැලක
තනිවෙමු දෙසිතෙහි එක සිතුවිල්ලක
හඬා වැටෙන විට නෙතු යුග තෙත්වී
සිනා පොදක් වෙන්නම්
සිනා නගන විට පැතුමන් දැල්වී
කඳුලින් සුරකින්නම්
වියෝ දුකට සුසුමට මග අහුරා
හදේ ලැඟුම් ගන්නම්
රැදී නිබඳ පණ නල මෙන් දැවටී
දිවි ඇති තුරු ඉන්නම්
ගායනය – නන්දා මාලිනී සහ සුනිල් එදිරිසිංහ
පද රචනය – කුලරත්න ආරියවංශ
සංගීතය – රෝහණ වීරසිංහ


Click to rate this post!
[Total: 1 Average: 4]
Leave a Reply