සඳකඩ පහනක කැටයම් ඔපලා පාවෙන දේදුණු ලැගුම් ගනී
කැලැතුනු රසයක පැන ආ බුබුලක් අකුරු වැලක් දෙහදක ලියැවී
යුගයෙන් යුගයට නොමියෙන දහනක දිවියක පදනම මතු වෙද්දී
නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා සියුමැලි කැකුළක් මැලවෙද්දී
දහසක් පෙතිමත රහසක් කොඳුරා තුඩින් තුඩට ගෙනයන බින්දූ
ගව්වක් ඉහලක ගොනු කොට රඳවා පොපියන දෙතොලක් එහි කැන්දූ
අහසක් ගුගුරා කළුවක් වපුරා ඒ හා මුහුවුණු වැහි බින්දු
ඈ ගෙන යද්දී නටඹුන් අතරෙක තවෙකෙක් ඈ වෙත හඳ රැන්දූ
හදවිල ඉපැදුණු කැකුළක් නොකලට නටුවෙන් ගලවා දුරක යවා
මිහිලිය තෙත් කොට ගිලිහුණු කඳුළක් සත් සමුදුරකට මුහුව ගියා
ඔබට උරුම වූ රිදුණු තැවුණු හද එක්ටැම් මැදුරක කවුළු අරා
රුවන් විමානෙට පියඹා එනතුරු පොපියන හදවත සිටී බලා
ගායනය: සුනිල් එදිරිසිංහ
පද රචනය: වොලී නානායක්කාර
සංගීතය: වික්ටර් රත්නායක


Click to rate this post!
[Total: 0 Average: 0]
Leave a Reply