ඔබ මලක් වෙලා වන අරණේ පිපේවී
මා සුළං රැලක් වී ඔබ පිස හමාවී
පුර සඳක් වෙලා ඔබ අහසේ දිලේවී
මා ගඟක් වෙලා සඳ එළියේ ගලාවී
සුළඟ වෙසින් මා එන කල
ඔබෙි සුවඳ සෑහේ මට
මල් මුවරද ඔබ සමඟයි
මලේ සුවඳ මා අසලයි
ගඟක් වෙලා මා යන කල
ඔබේ එලිය සෑහේ මට
පුර සඳ නිලඹර සමඟයි
සඳේ එළිය මා අසලයි
ගායනය : සෝමතිලක ජයමහ
පද රචනය : සුනිල් ආරියරත්න
සංගීතය : සෝමතිලක ජයමහ


Click to rate this post!
[Total: 0 Average: 0]
Leave a Reply