Amarasiri Peris ft Umariya – Me Kiyula Bara Wedi

මේ කිරුළ බර වැඩියි දේවී
ගිනි ගැනී ළය රිදුම් දේවී
ඔබම පැළඳූ සිරස ප්‍රේමයේ මිණි කිරුළ
තවම මා හිස රඳයි දේවී
එයම මට බර වැඩියි දේවී


සඳ කිඳුරු බවේ සිට ආමී
දුක සතුට සමව ඉවසීමි
එදා සිට සපථ කළ ප්‍රේමයෙන් ආතුරව
පැමිණි මඟ මෙයින් නිම වේවි
සමුගන්න අවසරයි ස්වාමී


මිතුරියක සොයුරියක සෙනෙහසම පිදූ මවක
මඟ නොමඟ කියා දුන් ඇදුරුතුමියව වරෙක
සංසාර සාගරෙන් පාවී
මවෙත ආ සඳ කිඳුරු දේවි


මිතුරියක සොයුරියක මවක ප්‍රිය සොදුරියක
මග නොමග කියා දුන් ඇදුරුතුමියව වරෙක
ආ ගමන නිමාකර දේවි
නික්ම යයි සඳ කිඳුරු දේවි


රැයම නොනිදා රැඳී – මගේ නෙතු මට ඉඳී
මතක ගිලිහෙනු නොදී ඔබ මසිත පිරිමදී
සසර මඟ අත නොහැර පේවී
යළි එකට මුණ ගැහෙමු දේවී


දෙසිත් යා කර බැඳී ප්‍රේමයට ඉඩ නොදී
යන මොහොත ඇත යෙදී මේ භවය මට මදී
පෙර පුරුදු ස්නේහයම පාමී
අපි යළිඳු මුණ ගැහෙමු ස්වාමී


ගායනය: අමරසිරි පිරිස් සමඟ උමාරියා සිංහවංශ
පද රචනය: බණ්ඩාර ඇහැළියගොඩ
සංගීතය: රෝහණ වීරසිංහ


Click to rate this post!
[Total: 0 Average: 0]
Spread the Love; ආදරය බෙදා ගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 + 14 =