මේ කිරුළ බර වැඩියි දේවී
ගිනි ගැනී ළය රිදුම් දේවී
ඔබම පැළඳූ සිරස ප්‍රේමයේ මිණි කිරුළ
තවම මා හිස රඳයි දේවී
එයම මට බර වැඩියි දේවී
සඳ කිඳුරු බවේ සිට ආමී
දුක සතුට සමව ඉවසීමි
එදා සිට සපථ කළ ප්‍රේමයෙන් ආතුරව
පැමිණි මඟ මෙයින් නිම වේවි
සමුගන්න අවසරයි ස්වාමී
මිතුරියක සොයුරියක සෙනෙහසම පිදූ මවක
මඟ නොමඟ කියා දුන් ඇදුරුතුමියව වරෙක
සංසාර සාගරෙන් පාවී
මවෙත ආ සඳ කිඳුරු දේවි
මිතුරියක සොයුරියක මවක ප්‍රිය සොදුරියක
මග නොමග කියා දුන් ඇදුරුතුමියව වරෙක
ආ ගමන නිමාකර දේවි
නික්ම යයි සඳ කිඳුරු දේවි
රැයම නොනිදා රැඳී – මගේ නෙතු මට ඉඳී
මතක ගිලිහෙනු නොදී ඔබ මසිත පිරිමදී
සසර මඟ අත නොහැර පේවී
යළි එකට මුණ ගැහෙමු දේවී
දෙසිත් යා කර බැඳී ප්‍රේමයට ඉඩ නොදී
යන මොහොත ඇත යෙදී මේ භවය මට මදී
පෙර පුරුදු ස්නේහයම පාමී
අපි යළිඳු මුණ ගැහෙමු ස්වාමී
ගායනය: අමරසිරි පිරිස් සමඟ උමාරියා සිංහවංශ
පද රචනය: බණ්ඩාර ඇහැළියගොඩ
සංගීතය: රෝහණ වීරසිංහ


Leave a Reply