මුළු ලොව මගෙන් අසාවී
ඔබ ගැන කුමක් කියම්දෝ
මගෙ හිත මගෙන් අසාවී
ඔබ ගැන කුමක් කියම්දෝ
මට වේදනා නොදුන්නැයි
කීවත් කුමක් කියයිදෝ
ඔබ මට දුකක් නොවී යෑයි
කීවත් කුමක් කියයිදෝ
මා හද පෙමින් ලියූවත්
ලොව මට කුමක් කියයිදෝ
ඔබ ගැන කීවා නොකීවත්
මිනිසුන් සිනා නොවෙයිදෝ
ඔබ නිවැරැදියි කියූවත්
මිනිසුන් කතා නොවෙයිදෝ
ඔබ යළි මගේම වූවොත්
ලොව මට කුමක් කියයිදෝ
ගායනය: සනත් නන්දසිරි
සංගීතය: සනත් නන්දසිරි
පද රචනය: ප්‍රනීත් අභයසුන්දර


Click to rate this post!
[Total: 0 Average: 0]
Leave a Reply