Karunarathna Diulgane – Sudu Andagena

සුදු ඇඳගෙන සඳ ඇවිදින් දුර කඳු මුදුනට
රිදවුණු සිත ගෙනයයි කඳුළැලි ගං ඉවුරට
ඔබ ආ හැටි සමුගන්නට අවසන් සැන්දෑවක
ඒ ගං ඉවුරට


බාධක බිඳ නුඹ ජය ගන්නට බැරි වුණි මට
ඇයිදැයි දොස් පවරනසද සිත
නුඹෙ වරදද මගෙ වරදද
එය මා දන්නේ නැත


නුඹ මා ලොව කළුවර කර පැන ගිය පලියට
කෙලෙසක දොස් පවරමි නුඹහට
කිසිකෙනෙකු නොදුන් ආදරයක්
නුඹ මට දුන් කොට


ගායනය: කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය: යමුනා මාලනී පෙරේරා
සංගීතය: රෝහණ වීරසිංහ



[ratemypost]

Click to rate this post!
[Total: 0 Average: 0]
Spread the Love; ආදරය බෙදා ගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seventeen + sixteen =