පිය සටහන් මැකී නොමැත තව මා ආ දිගු ගමනේ
මගේම පියවර මත පිය තබමින්
ඔබ එනු දුටුවෙමි මා ලුහුබඳිමින්
පිය සටහන් මැකී නොමැත තව
ගිරි ශිකර මුඳුන්වල, වන ලැහැබේ අතු අග
දෝංකාර දුන් එදා ගැයූ ගී, මා ඔබට ගැයූ ගී
ඇසේද තවමත් ඇලේ දොලේ ගලනා ගීයේ
පිය සටහන් මැකී නොමැත තව
රළු බොරළු ගමන් මඟ, වැලිතලා වැනිය අද
හැරී බලමි මම ඔබේ ඇසින්, ඔබ නොදුටු ඇසින්
නොයේද මතුවට ඔබත් මමත් හමුවන දවසක්
පිය සටහන් මැකී නොමැත තව
ගායනය : විශාරද ගුණදාස කපුගේ
පද රචනය : සුනිල් ආර්. ගමගේ
සංගීතය : ගුණදාස කපුගේ


Click to rate this post!
[Total: 1 Average: 4]
Leave a Reply