ඔබට වරම් නැති මටද වරම් නැති
සෙනෙහස කොතැනද සැඟව ගියේ
ඉවත ගලා ගිය කඳුළක දියවී
ප්‍රථම ප්‍රේමයයි බොඳව ගියේ
ඔහුට පුදන්නට පූජාසනයේ
නොකිළිටි මල් පිපුනිද ලඳුනේ
පෙති ගිලිහී ගිය පරසතු කුසුමක
සුවඳ කොහේ කොතැනද රැඳුනේ
ආ මඟ වැරදී ඔහුද ඔබද මා
දෛවයෙ තුන්මංසල හමුවේ
බලා හිඳිනු මිස හඬා වැටෙන්නට
කඳුලක් නෑ දෙනුවන පිපුනේ
ගායනය: කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය: රංජිත් රූපසිංහ
සංගීතය: නාලක අංජන කුමාර


Click to rate this post!
[Total: 0 Average: 0]
Leave a Reply