නෙතට උළෙලක් විය එදා ඔබ
කදුළු බිඳුවක් වුව මෙදා
මේ තරම් හිත පාරවන්නේ
මගෙන් වරදක් වුනිද මන්දා
ඔබෙන් තොරවු ලෝකයක් ගැන
හිතන්නටවත් නොහැකි හින්දා
ඔබේ සිත වෙන අතක රන්දා
එපා දුක ගෙන එන්න කැන්දා
ඔබේ රුව රසඳුනක් වුවට
කමක් නෑ මට තවත් ඇසකට
නමුදු ඒ රුව තවත් කෙනෙකුට
අයිති වෙනු බෑ දරා ගන්නට
ගායනය: කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය: මහින්ද දිසානායක
සංගීතය: ගුණදාස කපුගේ


Click to rate this post!
[Total: 0 Average: 0]
Leave a Reply