සඳකැන් ඇවිදින් සුපිපුන කුසුමන් සිඹිනා නිසල රැයේ
සීතල උමතුව ඉඳිකටු තුඩගින් අනිනා නිහඬ පැයේ
නිදන්න සොඳුරිය නිදන්න ඔබෙ හිස
රඳවා මාගෙ ළයේ
නලියන මදනල පොපියන මල්වල
සුවඳක් සොයා ඇදේ
දිදුලන තරුකැල නිල් නුබගැබ තුළ
සඳ තුරුළෙහිම රැඳේ
නැළවෙන තුරු හිස පිනිපොද ඉස ඉස
නිලඹර තුටින සැලේ
දුක් කඳුළැලි පිස උතුරන සෙනෙහස
මා හදවතට දැනේ
ගායනය: අමරසිරි පිරිස්
පද රචනය: උපාලි මල්දෙණිය
සංගීතය: විශාරද ඩෙනිස්ටර් පෙරේරා


Click to rate this post!
[Total: 0 Average: 0]
Leave a Reply