ඔබේ නමින් සෑය බඳිමි
විමානයෙන් බසිනු මැනවි
ස්වර්ණමාලියේ
රූබර ස්වර්ණමාලියේ
උනා නීල වර්ණ වරල දෑලේ මල් ගැවසි ලියේ
නගා ඉන්ද්‍රචාප දෙබැම ඇසින් විදුලි මවන ලියේ
වනා ළමැද කිණිහිරි පෙති රත්න තිලක පැළඳි ලියේ
සිනාසිසි විමානයෙන් බසින්න ස්වර්ණමාලියේ
අතේ ගිගිරි නාද සලඹ නුරා හඬින් හඬන ලියේ
කරේ පද්ම කැකුළු මාල හංස තුඩින් පිපෙන ලියේ
කනේ තෝඩු මිණ ඝන රන් මූණ ඔපය කරන ලියේ
පමා නොවී විමානයෙන් බසින්න ස්වර්ණමාලියේ
බාල චන්ද්‍ර පටු නළලත අලක අඳුන් අඳින ලියේ
ආල වඩන දන්ත කැකුළු කුන්ද සමන් පිපෙන ලියේ
දෑල දෑත ස්වර්ණ දාම පාන හඬට සැලෙන ලියේ
කෝල නොවී විමානයෙන් බසින්න ස්වර්ණමාලියේ
ගායනය: ඩබ්ලිව්.ඩී. අමරදේව
පද රචනය: මහගම සේකර
සංගීතය: ඩබ්ලිව්.ඩී. අමරදේව


Click to rate this post!
[Total: 0 Average: 0]
Leave a Reply