අම්මෙ පෙම්බරා තොස කර දෙන්ට අවසරා
ජෝර්ජ් මහරජා ගුණකඳ කරමු සිහි සොඳා
මාස්ටර්ගෙ ගායනාව හුස්ම පිඹී සර්පිනාව
රාග තාල වර්ණනාව අනුව වැයේ බටනලාව
සරිගමපධනී… හරි හරි සනිධපමගරී ආ…
නළල් වටින් එන දහදිය පිසදාගෙන විරාමයක
වීණාවක නාද නැගේ දිගාසිරි යදා රජු හට
සායට මනරම් අත් දිග හැට්ටය තොල් අග හිනාව
මතු කොට ටොප් හැට් ඇඳගෙන ඒරොප්පේ කල්පනාව
රාජ තේජසින් එල්ලී රජ්ජුරුවෝ පින්තූරෙක
බලා හිඳී ගම්භිර ලෙස දෙකට නැමෙන පරපුර දෙස
හීන දීන ගැත්තන් හට උපහාසෙන් සරදම් කල
යලි උපදින්නේ කවදද හිමි දම්පල් අනගාරික
ගායනය: සුනිල් එදිරිසිංහ
පද රචනය : සුනිල් සරත් පෙරේරා
සංගීතය : රෝහණ වීරසිංහ


Click to rate this post!
[Total: 0 Average: 0]
Leave a Reply