T.M. Jayarathne – Senasum Susuman

සැනසුම් සුසුමන් පාවීලා
සඳ කැන් වතුරෙන් නෑවීලා
තරුමල් අතරින් රිංගලා
කොහි යන්නෙද මා තනි කරලා

රෑ සඳපානේ සීතල පවනේ
නාමල් අරණේ ලා දළු සෙවනේ
මා ළය කර ඔබගේ සුව යහනේ
ගෙවුණු අතීතය මතකද මිහිරේ

දෑසට පෙනෙනා එකම රුවක් වෙයි
ඒ රුව මා නෙත අංජනයයි
ජීවන ගීතේ තනුව වයන්නෙමි
ඈ එනතුරු මා තනිවීලා

ගායනය: ටී. එම්. ජයරත්න
පද රචනය: රංජිත් වීරසිංහ
සංගීතය: ප්‍රේමසිරි කේමදාස


Click to rate this post!
[Total: 0 Average: 0]
Spread the Love; ආදරය බෙදා ගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

8 + six =