Edward Jayakodi – Muwa Mukya Latha

මුව මුඛ්‍යා ලතා පිපි රංසාගනන්
විල් නෙලුමාසනෙන් ආ ළඳේ
ඔබ භාග්‍යා සරෝජාවියේ
ස්වර්ණා භර්ණා පැහැයෙන් දිලේ
මා හද ප්‍රේමාගනේ රෑ නුඹ රාසෙන් ළඳේ
බඳ මණිමේඛලාව මුදා අනුරාගෙ නගන් නොනිඳා


ආකාස ගං චන්ද්‍ර නෞකාවේ
තනිවෙන්න යං පෙම් රසෝජාවේ
රූසිරු කල්‍යාණියේ මා සැතපෙන්නම් ප්‍රියේ
තුනු ශ්‍රීයෙන් විපුල් වොරැඳේ මනසානන්ද මන්දෝදරී


හිරු එන්න පෙර රාත්‍රි මේ සීතේ
හා හා ගයම් සෞම්‍ය සංගීතේ
ඒ හිරු නොනගීවා රෑ තව දිගු වේවා
ඔබේ නළලේ සඳුන් තිලකේ
අද ඉහිරේද දෙතොලෙන් මගේ


ගායනය: විශාරද එඩ්වඩ් ජයකොඩි
පද රචනය: ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය: ආනන්ද පෙරේරා



Click to rate this post!
[Total: 2 Average: 3.5]
Spread the Love; ආදරය බෙදා ගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eight + 14 =