T.M. Jayarathne – Amma Sandaki

අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී
ඒ ඉර හඳෙන් නුඹෙ ලෝකය එළිය උනි
රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳි
පිය සෙනහසට කව් ගී ලියවුනා මදි


සිරුරේ දුවන්නේ ම‍ගෙ ලේ නොවැ පුතුනේ
කුසයේ නොදැරුවත් දිවි බර මට රැඳුනේ
මහමෙරකට උසයි දරු පෙම හද පතුලේ
පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නොවුනේ


මවකට මුවා වී නුඹ වෙත දිරි දුන්නේ
මම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ
පියසෙනෙහස නැතිද දරුවනි හඳුනන්නේ
අම්මාවරුන් පමණද මතු බුදුවන්නේ


ගායනය: ටී.එම්. ජයරත්න
පද රචනය: මාලිනී ජයරත්න
සංගීතය: රෝහණ වීරසිංහ


Click to rate this post!
[Total: 0 Average: 0]
Spread the Love; ආදරය බෙදා ගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

11 + 20 =