Sanath Nandasiri – Budu Hamuduruwo

බුදුහාමුදුරුවෝ වැඩියා වාගේ පින්බර ස්වාමිනේ
දුක හිතිලද හිර ගෙදරට වැඩියේ මාගේ මරණ දිනේ
මගේ අම්මාවත් දොරටුව අද්දර හිටියද කියනු මැනේ
මා ගෙලලු බව ඇයට කියනවද බුදු බව ලැබෙයි අනේ


අනේ ස්වාමිණි මා ගෙලලන්නට ඉඩ නම් දෙන්න එපා
ගෙල වැලලූවොත් මගෙ මළකඳ අම්මට පෙන්නන්න එපා
ඇතිදා ලඟහුන් මිතුරන් මතු සසරෙදි හමුවන්න එපා
නැතිදා ලඟහුන් බුදු අම්මේ ඔබ දුක් ගිනි ගන්න එපා


බුදුහාමුදුරුවෝ වැඩියා වාගේ පින්බර ස්වාමිනේ
දුක හිතිලද හිර ගෙදරට වැඩියේ මාගේ මරණ දිනේ..


නොදැන කෙරූවත් වරද වරදමයි නැත කිසි දිනක සමා
මරණයේ දොරකඩ සිට ඔබ පා යුග සිඹ සමුගනිමි මෙමා
කෙලිලොල් කම් කෙරු මා සතු දිවිමග දැන් දැන් වේවි නිමා
මරණ බයක් නෑ අම්මා සිහිවෙයි…….


බුදුහාමුදුරුවෝ වැඩියා වාගේ පින්බර ස්වාමිනේ
දුක හිතිලයි මා හිර ගෙට ආවේ පුතුගෙ මරණ දිනේ
දුදනන් ඇසුරින් පර පණ නැසුවත් නුඹ මගේ පුතුය අනේ
මතු උපදිනදා මගෙම පුතු වෙයන් හොඳ මිනිසෙකු ලෙසිනේ


ගායනය: සනත් නන්දසිරි සහ මල්කාන්ති නන්දසිරි
පද රචනය: සනත් නන්දසිරි
සංගීතය: සනත් නන්දසිරි



Click to rate this post!
[Total: 0 Average: 0]
Spread the Love; ආදරය බෙදා ගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nineteen + three =