Nanda Malini – Sande Kaluwara

සැදෑ කළුවර කුර ගගා විත්
ඔබේ පැල්පත මගේ දසුනින්
ඈත් වූ සද මගෙ සරා සද
තනිවෙලා මා තනිවෙලා


වළාකුලකුදු නොමැති අහසේ
මලානික වූ ‍මගේ සිතුවිලි
ගල් ගැසී ඇත පාළු වී ඇත
කඳුල පමණක් රජවෙලා


ඔබේ ලෝකය මගේ ලෝකය
අතර ඇත්තේ රැයක් පමණයි
ගව්ගණන් දුර ජීවිතේ බර
මගේ හිස මත බරවෙලා


ගායනය: නන්දා මාලිනී
පද රචනය: මඩවල එස්. රත්නායක
සංගීතය: නන්දා මාලිනී



Click to rate this post!
[Total: 0 Average: 0]
Spread the Love; ආදරය බෙදා ගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × 5 =