Gunadasa Kapuge – Dawasak Pela

දවසක් පැල නැති ‍හේනේ අකාල මහ වැහි වැස්සා
තුරුලේ හංගාගෙන මා ඔබ‍ තෙමුනා අම්මේ
පායනතුරු හිටි පියවර
හිටියා ඔබ අම්මේ


නුවර වීදි යටකරගෙන නින්දා වැහි වැගිරුනදා
බිරිඳකගේ සෙනෙහෙ ගියා යෝධ ඇලේ නැම්මේ
ඔබෙ සෙනෙහස සුවඳ දිදී
දැනුනා මට අම්මේ


කොළඹ අහස කළුකරගෙන මුහුදු හුළඟ හඬලනකොට ‍
ඔටුන්න බිම දා දුවගෙන එන්නද එක පිම්මේ
මම එනතුරු ඉදිකඩ ළඟ
ඉන්නවාද අම්මේ


ගායනය – ගුණදාස කපුගේ
පද රචනය – රන්බණ්ඩා සෙනෙවිරත්න
සංගීතය – ගුණදාස කපුගේ



Click to rate this post!
[Total: 0 Average: 0]
Spread the Love; ආදරය බෙදා ගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 + eleven =