Gunadasa Kapuge – Dam Patin

දම්පාටින් ළා සඳ බැස යනවා ආකාසේ රන්වන් පාටයි
සමුගෙන යන්න මගෙන් තව මොහොතයි නොදොඩා ඉන්නෙ ඇයි
දම්පාටින් සඳ මුහුණ පෙනෙනවා වෙන්වී යන මොහොතක් නෑඟේ
දෑසට ළංව තවත් මේ මොහොතේ ගොළු වී ඉන්නෙමි මං


සෙවණැලි නොමැකේ නම් එළිය කළු නොවේ නම්
බිත්ති පුරා ඔබේ සෙවණැලි ඇන්දේ
තනිය මකා ගන්නයි එනතුරු
සොයා මගේ සෙනෙහස මතුදා


රෑ කල දිගුවේ නම් ළා සඳ නොමැකේ නම්
නෙළුම් පතක රැඳි පිණි බිඳුවක් සේ
ළමැද තලා යහනේ ඉන්නම්
පමාවෙලා හිරු නැගෙන තුරා


ගායනය: ගුණදාස කපුගේ සහ මාලනී බුලත්සිංහල
පද රචනය: ලූෂන් බුලත්සිංහල
සංගීතය: ඔස්ටින් මුණසිංහ



Click to rate this post!
[Total: 0 Average: 0]
Spread the Love; ආදරය බෙදා ගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eighteen − eighteen =