Malani Bulathsinhala – Ahasin Tharuwak

අහසින් තරුවක් කඩා වැටෙනවා
තරුව කතා නෑ අහසයි වැළපෙන්නේ
නටුවෙන් නෑඹුල් මලක් වැටෙනවා
මලේ කතා නෑ සුළඟයි වැළපෙන්නේ


පෑහිමක් නෑ නොකෙරෙණ දීගේ
සෙවණැල්ලත් ඇදලූ
දවල් වැටුණු වල මෙදා වැටුණෙ රෑ
හිත හොඳ වැඩිකමලූ


මලෙන් උපන් මල් පත්තිනි දේවී
කැන්දන් එන නැකතේ
ඇස් කූඩෙන් මං වතුර අදින්නම්
ඔබේ මඟුල් දවසේ


ගායනය: මාලනී බුලත්සිංහල
පද රචනය: ලූෂන් බුලත්සිංහල
සංගීතය: එච්.එම්. ජයවර්ධන



Click to rate this post!
[Total: 0 Average: 0]
Spread the Love; ආදරය බෙදා ගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × 4 =