Nanda Malini – Osari Potin Adinnepa

ඔසරි පොටින් අදින්නෙපා වලාකුළයි ඉරෙන්නේ
රිදී පොටින් අදින්නෙපා තරු දෙපොටයි කැඩෙන්නේ
මූණට මගෙ එබෙන්නෙපා හඳ එළියයි නිවෙන්නේ
හැමදාමත් ඔච්චම් නෑ ඕලු විලට පනින්නේ


පෙතං කැලේ වළිකුකුළෝ මට පෙනි පෙනී නටනවා
අත්තන මල මං දැකලා බමර තුඩේ වෙළෙනවා
බිනර මහට කළුවර දී මේ පෝයත් ගෙවෙනවා
උසුළු විසුළු කළා නොවෙයි අපි වෙනතක් බලනවා


පටසළුපිළි කසී රටේ වෙල පෙති දිගේ වඩිනවා
මාල වළලු අපට ගෙනා තරු අතර දිළෙනවා
ගමේකමට බහ දීලා ගමේ කතා හැදෙනවා
උසුළු විසුළු කළා නොවෙයි අපි වෙනතක් බලනවා


ගායනය: නන්දා මාලිනී
පද රචනය: ලූෂන් බුලත්සිංහල
සංගීතය: ගුණදාස කපුගේ



Click to rate this post!
[Total: 0 Average: 0]
Spread the Love; ආදරය බෙදා ගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × one =