ආදරයේ වේදනාව
හදට දැනුණු යම් දවසක
හුදකලාව නොතැවී යළි
එන්න මා සොයා
දේදුනු පැහැයෙන් දිදුලන ආදර විජිතය හැරදා
රැජිණ පලා ගිය මොහොතක
නොතැවී යළි ඈ සිහිකර
එන්න මා සොයා
ජීවිතයට හිමි ළතැවුල ඔබ තුරුළට ළං වූ දා
නොතැවී හිඳ තනි යහනේ
මතක සුළං රොදක එතී
එන්න මා සොයා
ගායනය: නන්දා මාලිනී
පද රචනය: කිත්සිරි නිමල් ශාන්ත
සංගීතය: රෝහණ වීරසිංහ


Click to rate this post!
[Total: 0 Average: 0]
Leave a Reply