W.D. Amaradeva – Vikasitha Pem

විකසිත පෙම් පොකුරු පියුම්
ඔබේ පයට පොඩිවී ගියාදෙන්
පතිකුලයට අද මට පිටුපා යන
මගේ සොදුරු ලඳුනේ


හිතේ කදුළු බිදු රෑ තනි යහනේ
ඉහ ඉද්දර ඉද ඉකි බිදිනා සඳ
ආදර සැමරුම් ප්‍රේම පුරාණේ
ඔබට විරහ ගිනි නොගෙ‍නේවා


තනිකම රජයන පාළු විමානේ
ගොම්මන් කළුවර හඬා වැටෙද්දී
ඔබ දිවි අරණේ රුවන් විජිතයේ
මැණික් පහන් වැට දැල්වේවා!


ගායනය: ඩබ්ලිව්.ඩී. අමරදේව
පද රචනය: අජන්තා රණසිංහ
සංගීතය: ප්‍රේමසිරි කේමදාස


Click to rate this post!
[Total: 0 Average: 0]
Spread the Love; ආදරය බෙදා ගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × three =