Amarasiri Peris – Kanyavi

මිනිසා….
මරණ තුනක් ඇති මිනිසා බලා සිටී
නිරුවත් දෑසින් බලන්න කන්‍යාවී


ලිහිල් සළුව අනතුරේ වැටෙද්දි
පයෝධර තුඩු ඉකි බිඳිද්දී සංත්‍රාසයෙන්
අසංවාදී සුසුම් වේගේ රිද්මයෙන්
වයන්න වීණා කන්‍යාවී


නියඟලා මල් පා‍ට දේදුණු දෙබෑ කර එන ගිරා පොව්වන්
පියුම් කැකුළක් තුඩින් පාරා බලෙන් පුබුදන හංසයා
බලන්න නිරුවත් දෑසින් ඔකඳ වී රිද්මයෙන්
රසාතලය කලඑළි ගන්වා වයන්න වීණා කන්‍යාවි


ගායනය: අමරසිරි පිරිස්
පද රචනය: ලූෂන් බුලත්සිංහල
සංගීතය: ආචාර්ය ප්‍රේමසිරි කේමදාස


Click to rate this post!
[Total: 0 Average: 0]
Spread the Love; ආදරය බෙදා ගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

16 − four =