Malani Bulathsinhala – Raja Meduraka

රජ මැදුරක ඉපදී සිටියානම් නුඹත් රජෙකි පුතුනේ
හිරිකඩ බාගෙන පොල් අතු ඉගිලෙයි අද නුඹෙ සිරියහනේ
හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ


පුංචි පැටික්කන් මඟ දිග හඩවන සිල්ලර රසකැවිලි
දුව යන ඉගිලෙන විසිතුරු සෙල්ලම් යානා පෙනී පෙනී
අහක බලාගෙන මග දිග යන විට නෑ මට වාවන්නේ
හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ


ඉද හිට මොලවන ලිපත් දනී පුත කැද රස සුනු සහලේ
දිව බොදුනක් සේ දිව ගා ඇල්මෙන් අකුරට දිව යන්නේ
ඇදලා කල් ගිය රෙදි වැරලි නෑ මට වාවන්නේ
හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ


ගායනය: මාලනී බුලත්සිංහල
පද රචනය: ලූෂන් බුලත්සිංහල
සංගීතය: එච්. එම්. ජයවර්ධන



Click to rate this post!
[Total: 0 Average: 0]
Spread the Love; ආදරය බෙදා ගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × five =