Nanda Malini – Gedi Siyayak

ගෙඩි සියයක් බිම හෙළුවත්
අප්පච්චිට එක ගෙඩියයි
අපි රැකෙන්නෙ ඒ ගෙඩි විකුණලයි හන්දියේ
පුංචි ලිඳේ වතුරට නාඬන්න නංගියේ


ගස් සොලවා හමා ඇදෙන
සුළඟ තවත් මුරණ්ඩු වෙයි
හයියෙන් නම් හුස්ම ගන්න එපා නංගියේ
අප්පච්චී තුරු මුදුනේ හිඳින වංගියේ


පියෙන් පියට ඉහළට යන
හැටි බලන්න බය හිතුනොත්
පුංචි දෑස තදින් පියාගන්න නංගියේ
මමත් එහෙම කලා මගේ පුංචි සංදියේ


ගායනය: නන්දා මාලිනී
පද රචනය: සමන් ප්‍රියදර්ශන
සංගීතය: ආනන්ද ගමගේ



Click to rate this post!
[Total: 0 Average: 0]
Spread the Love; ආදරය බෙදා ගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nine + 1 =