Malani Bulathsinhala – Senehasa Illa

සෙනෙහස ඉල්ලා ලියතඹරා ලඟ
හඬා වැටෙනවා මියැසි කැලක්
කපුරු මලක පෙති සිද බිද දැමුවා
මලට වඩා විෂ බඹර තුඩක්


වැහි කළුවර ඇති හැන්දා සමයක
තරුමල් පිපුණලු අහස් ගැඹේ
දේවදූතයොත් හඬා වැටෙනවා
පෙම්මල් ඉහිරුණු පාර දිගේ


යෞවනයේ සිත් විෂ කල ප්‍රේමය
කලියුගයේ ඇත පහල වෙලා
අසම්මතේ සිත් වැටහෙනු නොහැකිව
පවිත්‍ර ප්‍රේමය මහළු වෙලා


ගායනය : මාලිනී බුලත්සිංහල
පද රචනය : අශෝක කෝවිලගේ
සංගීතය : එච්.එම්.ජයවර්ධන



Click to rate this post!
[Total: 0 Average: 0]
Spread the Love; ආදරය බෙදා ගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two + 17 =